මුන්දලම වේළුසුමනපුර දෙදරු පියෙකු ඔන්චිල්ලාවක ගෙල සිරවීමෙන් මරණයට පත්වී ඇති බව මුන්දලම පොලීසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වේළුසුමනපුර පදිංචි ඒ. සංජීව සම්පත් නැමති කුලී කම්කරුවෙකු වන 27 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම ඔංචිල්ලාව චෙරි ගසේ අත්තක ඇන්ටනා වයරයක ආධාරයෙන් සකස්කර තිබූ බව පොලීසිය කියයි.
එම ඔන්චිල්ලාවේ මෙම දෙදරු පියා 13 දින රාත්රි සිටියදි ඔංචිල්ලාවේ බුලත් විටක් සපමින් ඔංචිල්ලාවේ රැදි සිටියදී වයරය ගෙලෙහි පැටලි මරණයට පත්වි ඇති බව කියයි.
මරණයට පත් තැනැත්තාට වයස අවුරුදු 3ක කුඩා දැරියක් සිටින අතර දින 7 කට පෙර ඔහුගේ බිරිදට කුඩා බිළිදියක් උපත ලබා ඇති බව කියයි.
පිළිකාවකට ගොදුරුව සිටින මව හා මෙයට පෙර මරණයට පත්වු සොහොයුරාගේ ආබාධිත දරුවාද රැක බලා ගෙන ඇත්තේ ඔංචිල්ලාවෙ ගෙල සිරවි මරණයට පත්වූ පුද්ගලයා බව කියයි.
කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධ පුර්ණ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය කියයි.