බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් මිනිත්තු පහකටත් අඩු කාලයකදී නව කොරෝනා වෛරසය හඳුනාගත හැකි වේගවත් කොවිඩ්-19 ප්‍රතිදේහජනක (ඇන්ටිජෙන්) පරීක්ෂණයක් සිදුකර ඇති බව පර්යේෂකයෝ අනාවරණය කරති.
2021 මුල් භාගයේදී නිෂ්පාදන සංවර්ධනය කිරීම ආරම්භ කිරීමටත්, මාස හයකට පසු අනුමත උපාංගයක් ලබාගැනීමටත් විශ්ව විද්‍යාලය බලාපොරොත්තුවෙන් පසුවෙයි.
එහිදී මෙම ක්‍රමවේදය මගින් කොරෝනා වෛරසය හඳුනාගෙන ඉහළ නිරවද්‍යතාවයකින් එය වෙනත් වෛරස්වලින් වෙන්කර හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි පර්යේෂකයෝ පැවසූහ.
ඔක්ස්ෆර්ඩ් හි භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය අචිලස් කැපනිඩිස් අදහස් දක්වමින්, "අපගේ ක්‍රමවේදය මගින් අඛණ්ඩව වෛරස් අංශු හඳුනාගත හැකියි. මෙයින් අදහස් කරන්නේ පරීක්ෂණය සරල, අතිශය වේගවත් හා ලාභදායී වනු ඇති බවයි." යනුවෙන් පැවසීය.
නව කොරෝනා වෛරසය තවමත් ලොවපුරා සංසරණය වෙමින් පවතින පසුබිමක වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ මහා පරිමාණයෙන් සිදුකරන පරීක්ෂාවන් සහ ආර්ථිකයන් නැවත විවෘත කිරීමේ ප්‍රධාන අංගයක් ලෙස සැලකෙයි.