කොවිඩ් මර්දන එන්නත ලබාදීම කොවිඩ් සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින මානසිකත්වය ශක්තිමත් වීමට හේතුවනු ඇති බවත් ලබන මස මැද භාගයේ සිට මෙරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් නිපදවූ කොවිඩ් එන්නත ලබා දීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය,මහචාර්ය ජී.එල්. පීරිස් මහතා මහනුවරදි පැවසිය.
මහනුවරදී ඊයේ (17දා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සදහන් කළේය.
කොවිඩ් වෛරසයේ වැඩි බලපෑමක් වැඩිහිටි ජනතාවට තිබෙන බැවින් එන්නත ලබා දීමේදී ඔවුන්ටද ප්‍රමුඛතාවක් ලැබෙන්නේ යැයි ද ඉන් පසු ප්‍රමුඛතා හඳුනා ගනිමින් එන්නත ලබාදීම සිදුකරන බවත් එහිදී මුලින්ම එන්නත ලබා දෙන්නේ සෞඛ්‍ය අංශ සේවකයින්ට බවත් ඒ මහතා කීය.
දැනට ඇති වඩාත්ම සුදුසු එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් නිෂ්පාදනය කළ එන්නත බව වෛද්‍ය අංශ මගින් තහවුරුකර තිබෙන බවත් ෆයිසර් එන්නත සෙන්ටිග්‍රේඩ් අංශක -70 ක් වැනි ඉහළ ශීත අගයක තැන්පත් කළ යුතු බැවින් එම එන්නත ප්‍රායෝගිකව මෙරට තුළ භාවිත කළ නොහැකි බවත් සෞඛ්‍ය අංශ උපදෙස් මත අදාළ සියලු කටයුතු සිදුවන බවද සදහන් කළේය.