මහා බ්‍රිතාන්‍යයේ ඔස්ක්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම නිපදවූ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත එරට තුළ භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබේ.
මේ සමග ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය ලබාදුන් පළමු වැනි රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇත්තේ, මීට පෙර ෆයිසර් එන්නතටද අනුමැතිය ලබාදුන් පළමු රට බවට පත්වීමේ පසුබිම තුළය.
මෙම එන්නතෙහි විශේෂත්වය වන්නේ එය ෆයිසර් එන්නත තරම් ගබඩා කිරීමේ ගැටලු මතු නොවීමය. ෆයිසර් එන්නතට දැඩි සීත තත්ත්වයක් අවශ්‍ය වුවත් මෙයට එවැනි අවශ්‍යතාවක් නොමැති නිසා මෙය ඝර්ම කලාපීය රටවලට වඩාත් යෝග්‍ය එන්නත් වනු ඇති බවත් කියැවෙයි.
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් විසින් මෙම එන්නත අනුමැතිය ලබාදීම පිළිබඳව අනාවරණය කළේ මේ වනවිට එරට වේගයෙන් පැතිර යන වෛරසයට දැනට අනුමැතිය ලබාදී ඇති එන්නත් ද්විත්වයම යොදා ගනිමින් දැවැන්ත එන්නත්කරණ වැඩසටහනක් දියත් කරන බව සහතික කරමිනි.