ශ්‍රී ලංකාවේ දැනට රෝහල් සතුව පවතින ඔක්සිජන් සිලින්ඩර්වලට අමතරව තවත් ඔක්සිජින් සිලින්ඩර් 21000ක් අවශ්‍ය වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පුරෝකතනය කර තිබේ.
මේ අනුව ලීටර් 4 කුඩා සිලින්ඩර් 2000ක්, ලීටර් 12 විශාල සිලින්ඩර් 10000ක් හා ලීටර් 47 සිලින්ඩර 9000ක් මෙසේ අවශ්‍ය බවට පුරෝකතනය කර තිබේ.
ඒ අනුව එම සිලින්ඩර් 21000 කඩිනමින් ආනයනය කර සුරක්ෂිත තොග ලෙස පවත්වා ගන්නා ලෙස රජයේ පරිපාලිත ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනපති කාර්ය සාධක බළකාය දැනුම් දී තිබේ.
මේ අනුව ලිට්රෝ සමාගම විසින් සිංගප්පූරුවෙන් ඔක්සිජන් සිලින්ඩර් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති අතර පළමු තොගය නොබෝ දිනකින්ම පැමිණීමට නියමිතය.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු හෙවත් ‘වෙදකම’ සෞඛ්‍ය අංශ විසින් සිදුකරන අතර ඇඳන් පහසුකම්, ඔක්සිජික් සම්පාදනය වැනි ‘හෙදකම’ ජනාධාපති කාර්ය සාධක බලකාය විසින් සිදුකරන බවයි.
දැනට දිවයින තුළ ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් වන සිලෝන් ඔක්සාජින් ලිමිටර් හා ගෑස් වර්ඩ් ලංකා ලිමිටඩ් සමාගම විසින් ලංකාවට අවශ්‍ය තරම් ඔක්සිජින් නිෂ්පාදනය කරනු ලබන බවද ජනපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.