දිනෙන් දින වැඩිවන කෝවිඩ් ආසාදිතයින් අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්වන අය සදහා අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් රජය අවධානය යොමු කර තිබේ. ඒ අනුව අසාධ්‍ය රෝගින් 900 දෙනෙකු සදහා ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි වෝල් ඔක්සිජන් උපාංග සහිත අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් රෝහල් 25ක මෙම ඒකක පිහිටුවීමට නියමිතය. ඒ සදහා රුපියල් මිලියන 135ක ඇස්තමේන්තුවක් ලබා දී තිබේ.
අසාධ්‍ය කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි පරිදි වෝල් ඔක්සිජන් උපාංග 900ක් යොදවා අදාළ රෝහල්වල අසාධ්‍ය කෝවිඩ් රෝගින්ට ප්‍රතිකාර කරන වාට්ටු විශේෂිත අධි සත්කාර ඒකක බවට දෙසතියක් ඇතුළත පරිවර්තනය කිරීමට යෝජිතය.
එමෙන්ම අසාධ්‍ය කෝවිඩ් රෝගින් සදහා ඔක්සිජන් ජනන යන්ත්‍ර 14ක් ස්ථාපිත කිරීමට ද නියමිතය. ඒ සදහා තෝරාගත් රෝහල්වල දික්ඔය, බදුල්ල, නුවරඑළිය,දියතලාව, පොළොන්නරුව, හම්බන්තොට, ඇඹිලිපිටිය, කහවත්ත, යාපනය, අම්පාර, රිකිල්ලගස්කඩ, කන්තලේ, තෙල්දෙණිය හා මහියංගන යන ප්‍රදේශවල පිහිටි රෝහල්වල මෙම යන්ත්‍ර ස්ථාපිත කිරීමට යෝජිතය. ඒ සදහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 930කි.
එමෙන්ම එක් දිස්ත්‍රික්කයක් සදහා යන්ත්‍ර ඒකක 100ක් වන පරිදි ජංගම ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර 2500ක් මිලට ගැනීමට ද නියමිතය. එමගින් රෝහල් තුළ සිලින්ඩර පාදක ඔක්සිජන් හිගය අවම කිරීමබ අරමුණ වී තිබේ. ඒ සදහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 800කි.
අසාධ්‍ය කෝවිඩ් 19 රෝගින් සදහා වෛද්‍ය ඔක්සිජන් සැපයුම තහවුරු කිරීම සදහා ද්‍රව ඔක්සිජන් ලීටර 120,000ක් ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.