ඔක්තෝබර් පළමු වැනිදා සිට 12 වැනිදා දක්වා වූ කාලය තුළදී මී උණ රෝගීන් 68ක් වාර්තාවී ඇතියි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.2018 වසරේ ජනවාරි පළමු වැනිදා සිටඔක්තෝබර් 12 වැනිදා දක්වා ගතවූ කාලය තුළදී මී උණ රෝගීන් තුන්දහස් තුන්සිය තුනක් වාර්තා වී ඇතැයිද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
සමස්ත කාලය තුළ රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් පන්සිය පනස් පහක් වාර්තා වී ඇත.පසුගිය වසර තුළ මී උණ රෝගීන් 3601ක්, 2016 වසරේදී රෝගීන් 4005ක් සහ 2015 වසරේදී රෝගීන් 4402ක් වශයෙන් වාර්තා වී තිබේ.
මේ වසරේ ජනවාරි මාසයේදී රෝගීන් 365ක් මාර්තු මාසයේදී රෝගීන් 206ක්, මාර්තු මාසයේදී රෝගීන් 367ක්, අප්‍රේල් මාසයේදී රෝගීන් 378ක්, ජුනි මාසයේදී රෝගීන් 444ක්, ජූලි මාසයේදී රෝගීන් 344ක් සහ සැප්තැම්බර් මාසයේදී රෝගීන් 312ක් වශයෙන් වාර්තා වී තිබේ.
මේ වසරේ සමස්ත කාලය තුළ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 492ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 315ක් වශයෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී ඇත.