රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (19දා) කොළඹදී පැවැත්වූ විරෝධාවක් අසළට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේය. එහිදී උද්ඝෝෂකයන් හා ජනපතිවරයා අතර අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවිය.
මෙහිදී ජනපතිවරයා සඳහන් කළේ රැකියා විරහිත උපාධිධාරින් සියල්න්ටම රැකියා ලබාදෙන බවයි.
මෙහිදී ජනපති හා උද්ඝෝෂකයන් අතර ඇතිවූ අදහස් හුවමාරුව.
ජනපති - දැන් අද තව 10000කට (උපාධිධාරීන්ට රැකියා) කැබිනට් මණ්ඩලය අනුමත කළා.
උද්ඝෝෂකයන් අතර අයෙක් - අපිට අවුරුදු 45ට වැඩි සර්.
ජනපති 45ට වැඩි. ඇයි මෙච්චරකල් මොනවද කළේ.
උද්ඝෝෂකයන් අතර අයෙක් - අවුරුදු 8ක් අපි ගෙදර. අපි වයසට ගියේ පසුගිය ආණ්ඩුවෙන් අපිට රස්සා දුන්නේ නැති නිසා සර්.
ජනපති හරි හරි අපි වැඩි කළා. ඔයාට අවුරුදු 45ක් වෙන්න බෑ.
උද්ඝෝෂකයන් අතර අයෙක් - අවුරුදු 38
ජනපති - ඉතිං මොකක්ද ප්රශ්නේ.
උද්ඝෝෂකයන් අතර අයෙක් - නම කැපිලා තියෙනවා සර්.
ජනපති - හැමෝටම දෙනවා. ඔය ඔක්කොටම කියන්න. අදත් කැබිනට් එක අනුමත කළා තව 10000කට. එතකොට ඔක්කොටම දෙනවා. ගෙවල්වලට යන්න අව්වේ වේලෙන්නේ නැතිව