ගොවියාත් පාරිභෝගිකයාත් සූරාකන එළවළු මාෆියාවට එරෙහිව රජයේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත් පොරොන්දු මිල වෙනස් කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව ගොවියාගෙන් සෘජුව මිලට ගත් එළවළු ආර්ථික මධ්‍යස්ථානයට යොමුකරන බවත් ලබන සතියේ සිට සියලු ආර්ථික මධ්‍යස්ථානවලට කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා එළවළු ලබාදෙන බවත් අමාත්‍යාංශය දන්වා සිටියි.
පසු අස්වනු හානිය අවම කරමින් ප්‍රවාහනය සුරක්ෂිත ඇසුරුම්වල බවත්, සිල්ලර ලාභය කිලෝවකින් රුපියල් 20ක් හා තෙග කිලොවකින් රුපියල් 10ක් පමණක් බවත් අමාත්‍යාංශය පවසයි.