සෞභාගයේ දැක්ම නුදුරු අනාගතයේ යථාර්ථයක් වන විට රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඉදිවීමට නියමිත ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානය නිසා රත්නපුරය ලෝකයේ ජනප්‍රිය හා දියුණු නූතන නගරයක් බවට පත්වන බවත්, එය ශී‍්‍ර ලංකාවේ කීර්තිය වැඩි වීමට මෙන්ම ආර්ථික දියුණුවට සෘජුව බලපාන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.
මන්තී‍්‍රවරයා මෙම අදහස් පළකලේ ඊයේ (20) රක්වාන ප්‍රදේශයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්රහණයට කැපවු ජනතාවට ස්තූතිය පල කිරීම වෙනුවෙන් පැවති ජන හමුවකදීය.
තවදුරටත් මැණික් කර්මාන්තය පිළිබඳව අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා කියා සිටියේ වට්ටි කූඩ යොදා කරන සුළු මැණික් කර්මාන්තය සාර්ථකව කරගෙන යාම සඳහා තමා විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ සහන ඉතා ඉක්මණින් ජනතාවට ලැබෙනු ඇති බවත් එමඟින් රත්නපුර දිස්ති‍්‍රක්කයේ බහුතර ජනතාවගේ දෛනික ජන ජීවිතය නැවතත් සක්‍රීය වන බවත් මෙය රත්නපුර දිස්ති‍්‍රක්කයේ සංවර්ධනයට විශාල වශයෙන් බලපාන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එළවලු, හාල්, පොල් මිල අඩු වැඩිවීම දීර්ඝකාලීන දේශගුණික විපර්යාස, ක්ෂණිකව ඇතිවන අයහපත් කාලගුණික විපර්යාස, සහ බොහෝ අතර මැදි කූට වෙළඳ ව්‍යාපාර නිසා සිදුවන කටයුත්තක් බව මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව වටහා ගෙන සිටින බවත්ය. එම භාණ්ඩ වල නිෂ්පාදන ප්‍රමාණය මත මිල ඉහළ පහළ යන බවත් එය පොදු ජනතාවට දරා ගත හැකි මට්ටමට ගෙන ඒමට රජය විශාල කැප කිරීමක් සිදු කර ඇති බවත් නුදුරේදීම එම සහන ජනතාවට ලැබෙන බවත් ප්‍රකාශ කරන ලදි.
ඒ වගේම මධ්‍යම ප්රාන්තිකයෙකු ලෙස එයින් සාමාන්‍ය ජන ජිවිතයට එල්ලවි ඇති තාවකාලික බලපෑම ගැන තමාටත් හොඳින් දැනෙනා බවත්, සහන ජනතාව කරා ළඟා වනවිට දවසේ සටන් පාඨ සොයන විපක්ෂයට එලොව පොල් පෙනෙනු ඇති බවත් කියාසිටියේය.
මේ අවස්ථාවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂය ගැන කලකිරී පොදුජන පෙරමුණේ නව සාමාජික වූ විශාල පිරිසක්ද සහභාගි විය.