පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2ක් ගතවන එළඹෙන 21 වනදා දිනට පැවැත්වීමට නියමිතව තිබෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව උපරිම ආරක්ෂාව ලබා දෙන බව පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
අදාල එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්,නියෝජ්‍ය පොලිස්පතිවරුන් ,කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන් ,පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.