පිලියන්දල එස් ඕ එස් ළමා ගම්මානයේ දරුවන් 50 පමණ ඇතුළු 91කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජේෂ්ඨ ප්‍රකාශිකා වක් පැවසුවාය.
එකී ආසාදිත පිරිස අතර එහි අධ්‍යක්ෂකවරයා සහ සහකාර අධ්‍යක්ෂක වරයාද වන බව එම ප්‍රකාශිකාව කීය.
ආසාදිත අනෙකුත් පිරිස අතර කාර්යමණ්ඩලයේ හා වයස අවුරුදු 16ට වැඩි මාසික තරුණයන්ට මෙන් ම වයස අවුරුදු 17 ට වැඩි නිවාස වල රැඳී සිටින තරුණියන් ද වන බව එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය.
මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරව සිට පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ගම්මාන අධ්‍යක්ෂකවරයා කීය.