විශේෂකාර්යය බලකායේ නිලධාරියකු ලෙස පෙනීසිට පොලීසිය නොමග යවමින් මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින එස් ටී එෆ් විකී නැමති අනුවර්තන නාමයෙන් හැඳින්වෙන පාතාල සාමාජිකයකු මත්කුඩු මිලිග්‍රෑම් 5,200 ක් සමග අද (21) උදෑසන ගිරිඋල්ල බස්නැවතුම පිටුපසදී අත්අඩංගුවට ගත්බව ගිරිඋල්ල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු යක්විලල බෝගමුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි විවාහකයකු වන අතර මොහු කාලයක් විශේෂකාර්යය බලකායේ සේවයේ යෙදීසිට පසුව ඉන් ඉවත්වී ඇමති ආරක්ෂක අංශයේ සේවය කර ඇති බවද පොලීසිය පවසයි.
මෙම සැකකරුට 2011 වසරේ මිණීමැරුම් චෝදනාවක් හා 2015 වසරේ වෙඩිතැබීමක් සහ බෝම්බයක් ළඟ තබාගැනිම ඇතුඵ චෝදනා රැසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ අයෙක් බවත් පොලීසිය පවසයි.
කුලියාපිටිය නාරම්මල අනුරාධපුරය ඇතුඵ ප්‍රදේශ ගණනාවකට මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින සැකකරු විශේෂකාර්යය බලකායේ නිල හැඳුනුම්පතේ පිටපතක් පෙන්වමින් පොලීසිය මඟහැර මෙය කාලයක සිට ජාවාරමේ නිරතව ඇති බව පොලීසිය විසින් කරනලද පරීක්ෂණවලදී අනාවරණයවී ඇති බවද සඳහන්වේ .
ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණ තොරතුරකට අනුව වහා ක්‍රියාත්මකවූ පොලීසිය අද (21) උදෑසන ගිරිඋල්ල බස් නැවතුම පිටුපසදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් මෙම මත්කුඩු ජා-ඇළ ප්‍රදේශයෙන් රැගෙන ඇවිත් බෙදාහරින බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සමග නඩු භාණ්ඩ අද (21) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කුලියාපිටිය කොට්ඨාසභාර පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් මත ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක රාජපක්ෂ පොලිස් සැරයන් (49226) රණසිංහ , පොලිස් කොස්තාපල්වරුන්වන (35839) ඉන්දික , (49085) බංණ්ඩාර , (59552) චන්ද්‍රජෝති , (58659) ඉන්දික යන නිලධාරීහූ කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගිවූහ .