එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඉන්දීයාවේ ඇති තහනම ඉවත් කරන බවත් දමිළ භාෂාව ඉන්දියාව තුළ ප්‍රධාන භාෂාවක් බවට පත්කරන බවත් එල්.ටී.ටී.ඊ. හිතවාදී එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝ සඳහන් කරයි.
ඉන්දීය මහ මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරමින් වයිකෝ ඉහත කරුණු සඳහන් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒසේම ශ්‍රී ලංකාවේ පවතින ගැටලුවට එකම විසඳුම ඊළාම් රාජ්‍යයක් පමණක් බවත් වයිකෝ ප්‍රකාශ කර තිබේ.
ඔහු මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී භාරතිය ජනාත පක්ෂයේ මූලිකත්වයෙන් සැදුම්ලත් එකමුතුවට සිය සහයෝගය ලබා දෙයි.