දෙවැනි එලිසබෙත් රැජිනට ඇගේ තවත් ආදරණීය සුනඛයෙකු අහිමි වී ඇති බව බ්‍රිතාන්‍යයේ ද සන් පුවත්පත වාර්තා කරයි.
ඩෝර්ගි සුනඛ වර්ගයට අයත්, වූල්කන් නමැති මෙම සුනඛ සුරතලා වින්ඩ්සර් කාසල් හිදී මියගොස් ඇති අතර, ඒ අනුව බ්‍රිතාන්‍ය රැජිනට තව ඉතිරි වී ඇත්තේ එක් සුරතල් සුනඛයෙකු වූ කැන්ඩි පමණක් බව සඳහන් වෙයි.
මාලිගයේ මූලාශ්‍රයක් පුවත්පතට පවසා තිබුණේ, පැහැදිලිවම ආදරණීය සුරතල් සතෙකු අහිමි වීම රැජිනට කනගාටුවට කරුණක් බවය.
ඩෝර්ගි යනු ඩච්ෂුන්ඩ් සහ කෝර්ගි අභිජනනය අතර මිශ්‍රණයකි. ඔවුන් සුවිශේෂී කෙටි කකුල් සහ ඉහළට නැගී එන කන් සමග රැජින සතු සුනඛයන් නිසාද ජනප්‍රියත්වයක් උසුලයි.
2018 දී රැජිනට විලෝ නමැති සුනඛ සුරතලා අහිමි විය. විලෝ 1944 දී ඇගේ 18 වැනි උපන්දිනය වෙනුවෙන් ලැබුණු සුසෑන් නම් වූ මුල්ම කෝර්ගි පරම්පරාවේ අවසාන පුරුක විය.
දෙවැනි එළිසබෙත් රැජින මෙම සුසෑන් සුනඛ සුරතලා සමග කොතරම් බැඳී සිටියාද කියනවා නම්, 1947 දී පිලිප් කුමරු සමග මධුසමය ගත කිරීමටද සුනඛ සුරතලා රැගෙන ගියාය.