එරාවුර් ප්‍රදේශයේදී යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් සිවිල් වැසියන්ට හිරිහැර කළ බව කියන සිදුවීමට සම්බන්ධ යුද හමුදා සමාජිකයන් එම රාජකාරියෙන් ඉවත්කර වෙනත් රාජකාරියක් සඳහා යොදවා තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්ව මහතාගේ උපදෙස් පරිදි විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.
මෙම පරීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදා පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ට එරෙහිව දැඩිවිනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද යුද හමුදාපතිවරයා නියෝග කර තිබේ.