වසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි රදවා සිටි රැඳවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය අනාවරණය කළ මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතාට මෙම සිද්ධියේ සැකකාර දැනට ඇප මත මුදාහැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නමැත්තා විසින් තර්ජනය කරන ලදැයි කියන සිද්ධිය පිළිබදව විමර්ශනයක් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද (08) නියම කළේය.
මුහුණු පොත හා සමාජ ජාලා වෙබ් අඩවි හරහා මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතාට සැකකාර පොලිස් පරීක්ෂක රංගජීව නමැත්තා විසින් තර්ජනය කර ඇතැයි කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
වසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි රඳවා සිටි රැදවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් වශයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නමැත්තා සහ බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා නමැත්තා නම් කොට ඇත.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී දැනට ඇප මත මුදා හැර සිටින රංගජීව නමැත්තා අධිකරණයේ පෙනී සිටි අතර රිමාන්ඞ් භාරයට පත් කොට සිටින බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මෙවැනි පැමිණිල්ලක් ලැබී ඇත්නම් ඒ පිළිබඳව වහාම විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා ළමාහේවා නමැති සැකකරු ලබන 22 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් භාරයට පත් කළේය.
මනෝප්රිය ගුණසේකර