විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වෙනවා නම් ඔවුන්ට පාපොච්ඡාරණයක් කිරීමට සිදුවෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
"ජාතික රජය ගැන මම සතුටුයි. රටට නෙමෙයි දේශපාලකයන්ටයි මෙය ගැලපෙන්නේ නැත්තේ. වාඩිවුණ අය දන්නේ නෑ ආවේ මොකටද කියලා. රට හදන්න නම් ප්‍රධාන පක්ෂ දෙක එකතුවිය යුතුයි කියන මතයේ ප්‍රධාන වශයෙන්ම සිටියේ අග්රාමාත්යතුමයි. අපිට 148ක් තියෙනවා. අපිට තවමත් තුනෙන් දෙකක බලය තියෙනවා. තවත් ඡන්ද තුනයි අඩු."