ලොව පුරා රටවල් රැසක් මිලියන ගණනක් කොරෝනා වෛරස එන්නත්කරණය අරඹන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා ගෝලීය තත්ත්වයේ සාධාරණත්වය පිළිබඳව දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
කොවිඩ්-19 එන්නත් බෙදා හැරීමේදී ලෝකය ලෝකය ව්‍යසනකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයේ අද්දරට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ප්‍රකාශ කළේ, සාධාරණ ප්‍රවේශයක් පිළිබඳ පොරොන්දුව බරපතල අවදානමකට පත්ව ඇති බව අවධාරණය කරමිනි.
"අවම වශයෙන් ඉහළ ආදායම් ලබන රටවල් 49ක් එන්නත් මාත්‍රාව ඒ රටවල මිලියන 39කට වඩා දැන් ලබා දී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි. මිලියන 25ක් නොවෙයි, 25,000කුත් නොවෙයි. නිකම්ම 25ක් පමණයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩල රැස්වීම ආරම්භ කරමින් ටෙඩ්රොස් පවසා සිටියේය.
"මම අවංකව අදහස ප්‍රකාශ කළ යුතුයි. මේ අසාර්ථකත්වයේ මිල ලෝකයේ දුප්පත්ම රටවල ජීවිත හා ජීවනෝපායන් විසින් ගෙවනු ලබාවි" ඔහු පැවසීය.
"අවසානයේදී, මෙම ක්‍රියාවන් මගින් වසංගතය, එය පාලනය කිරීමට අවශ්‍ය සීමාවන් සහ මානව හා ආර්ථික දුක් වේදනා තවදුරටත් දීර්ඝ කරාවි" ටෙඩ්රොස් සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, "එන්නත් සමානාත්මතාවය සදාචාරාත්මක අවශ්‍යතාවයක් පමණක් නොවෙයි. එය උපායමාර්ගික හා ආර්ථික වශයෙන් අත්‍යවශ්‍ය කරුණක්." බව පවසමින්, ලොව පුරා වඩා හොඳ එන්නත් බෙදා හැරීමක් ඉල්ලා සිටියේය.