තම කොවිඩ්-19 එන්නත නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බයෝඑන්ටෙක් හවුල්කාර ෆයිසර් සමග කටයුතු කරමින් සිටින බව පවසන බයෝඑන්ටෙක් විධායක නිලධාරීවරයා පවසා ඇත්තේ අනෙකුත් එන්නත් නිපදවන තුරු සැපයුමේ හිදැසක් තවදුරටත් බලාපොරොත්තු විය යුතු බවයි.
ජර්මානු ජෛව තාක්ෂණික සමාගමේ ආරම්භක සාමාජිකයෙකු වන උගුර් සහින් ලොවපුරා එන්නත් තරගයට නායකත්වය දී ඇති නමුත් එහි එන්නත් මාත්‍රා යුරෝපීය සංගමයට පැමිණීම මන්දගාමී වී ඇත්තේ සමූහයේ සෞඛ්‍ය නියාමකයාගේ අනුමැතිය සාපේක්ෂව මන්දගාමී වීම සහ බ්‍රසල්ස් විසින් ලබා දී ඇති ඇණවුම් ප්‍රමාණය කුඩා වීම නිසා බවද කියයි.
ප්‍රමාදයන් නිසා ජර්මනියේ ව්‍යාකූලත්වයක් ඇති වී ඇති අතර, සමහර ප්‍රදේශවලට එන්නත් කිරීමේ මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පවා සිදුවී තිබේ.
"මේ වනවිට එහි හොඳ පෙනුමක් දකින්න නැහැ. වෙනත් අනුමත එන්නත් හිඟයක් ඇති නිසා එන්නත් සැපයුමේ හිදැසක් දිස්වන අතර, මේ නිසා අපගේම එන්නතින් පමණක් ඒ පරතරයන්ද පිරවිය යුතු වී තිබෙනවා." බයෝඑන්ටෙක් හි ප්‍රධාන විධායක නිලධාරී උගුර් සහින් පැවසීය.
යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් ජනවාරි 6දා මොඩෙර්නා එන්නත වෙත අනුමැතිය ලබාදෙනු ඇති බව විශ්වාස කෙරෙයි.