කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන කැතරීන් (කේට්) මිඩ්ල්ටන් කුමරිය කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් මිලියන සංඛ්‍යාත බ්‍රිතාන්‍යයන් අතරට එක්වෙමින් ඊයේ (28දා) සිය පළමු එන්නත් මාත්‍රාව ලබාගත්තේ, සිය ස්වාමිපුරුෂයා වූ විලියම් කුමරු එන්නත ලබාගෙන සති කිහිපයකට පසුවය.
"ඊයේ මට මගේ පළමු කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේදී ලැබුණා" කැතරින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවාය.
"එන්නත් ලබාදීමේ කාර්යභාරය ඉටු කරන සෞඛ්‍ය අංශ ඇතුළු සැමට මම බෙහෙවින් කෘතඥ වෙනවා. ඔබ කරන සෑම දෙයකටම ස්තූතියි" ඇය තවදුරටත් පැවසුවාය.
ඇගේ ස්වාමිපුරුෂයා වූ විලියම් කුමරු මේ මස මුලදී සිය පළමු වැනි එන්නත් මාත්‍රාව ලබාගත් බව නිවේදනය කළේය. බ්‍රිතාන්‍ය මාධ්‍යවල වාර්තා වන පරිදි 2020 දී විලියම් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂණයක් සිදු කළේය.
මේ අතර දෙවැනි එලිසබෙත් රැජින ජනවාරි මාසයේදී නිවේදනය කළේ තමන් ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරු සමග කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගත් බවයි.
බ්‍රිතාන්‍ය රජයේ දත්තයන්ට අනුව එක්සත් රාජධානියේ මිලියන 38කට වැඩි පිරිසකට කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී ඇති අතර, මිලියන 24ක් පමණ දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව එක්සත් රාජධානියේ කොවිඩ්-19 රෝගීන් 128,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.