පවුලේ වැඩිහිටි සාමාජිකයෙකු වෙත දැනටමත් කොවිඩ්-19 එන්නත ලබාදී තිබුණද, වැඩිහිටියන් හා ළමයින් ඔවුන් වටා රැඳී සිටීමේදී මුඛ ආවරණයක් පැලඳ සිටීම තවමත් වැදගත් බව වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
එක්සත් ජනපද ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි එරට එන්නත් වැඩසටහන තුළ දැනට වැඩිහිටි හා සෞඛ්‍ය සේවා ඉලක්ක කරමින් සිදුකෙරෙන එන්නත්කරණ වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේය.
"හොඳයි, ඔබේ ආච්චිලා සීයලාට එන්නත ලැබී තිබුණොත්, ඔබ තවමත් මුඛ ආවරණයක් පැලඳ පරිස්සම් විය යුතුයි. මක්නිසාද යත්, සෑම කෙනෙකුටම මේ ආරක්ෂාව පිළිබඳ බ්ලැන්කට්ටුව ලැබෙන තුරු ඔබට වෛරසය නොමැති බව නිශ්චිතවම කියන්න හැකියාවක් නෑ" ෆවුසි පැවසීය.
"මේ වෛරසය පැතිරීම අවසන් කිරීම සඳහා එන්නත් අතිශයින්ම වැදගත් වන නමුත්, සෑම කෙනෙකුටම පාහේ එන්නත ලබාදෙන තුරු, මුඛ ආවරණයක් පැලඳීමේ පොදු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අපට අතහැර දැමිය නොහැකියි. මේ නිසා ඔබ තවමත් මුඛ ආවරණයක් පැලඳ සිටීමට වගබලා ගත යුතුයි." ෆවුසි වැඩිදුරටත් පැවසීය.