සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ්-19 එන්නත් සමානාත්මතාවයෙන් හා කාර්යක්ෂමව බෙදාහැරීම සහතික කිරීම සඳහා චීනය ජර්මනිය සමග එන්නත් සම්බන්ධීකරණය සඳහා කටයුතු කිරීමට සූදානම් බව චීන ජනපති ෂී ජින්පිං පවසයි.
G20 සමුළුව අවසන් වී දින කිහිපයකට පසු අඟහරුවාදා ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සමග දුරකථන සංවාදයකදී චීන නායකයා මේ බව ප්‍රකාශ කර තිබේ.
යුරෝපීය රටවල් නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලකට මුහුණ දී සිටින අතර, වෛරසය සමග කටයුතු කිරීමට රටවල් අත්වැල් බැඳගත යුතු බව ෂී ජින්පිං පැවසීය.
ජර්මනිය සහ යුරෝපා සංගමය චීන සමාගම් සඳහා විවෘතව සිටිය හැකි බව චීනය අපේක්ෂා කරන බවත්, ද්විපාර්ශ්වික සහයෝගීතාව අන්‍යෝන්‍ය ගෞරවය, අන්‍යෝන්‍ය ප්රතිලාභ සහ ජයග්‍රාහී සහයෝගීතාවයෙන් සහසම්බන්ධ විය යුතු බවත් චීන නායකයා මර්කල්ට පැවසීය.