සිය පර්යේෂණාත්මක කොවිඩ්-19 එන්නත 94.5%ක ඵලදායී බවක් ඇතැයි මොඩර්නා සමාගම පැවසීමෙන් පසු එක්සත් ජනපදයේ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශක ඉතිහාසයේ ඉහළම අගයන් වෙත ළඟාවී තිබේ.
ඒ අනුව Dow ඉතිහාසයේ කිසි දිනෙක ළඟා නොවූ මට්ටමක් වූ ඒකක 30,000ක සීමාව කරා ළඟා වූ අතර, ඊට වඩා ඒකක 48ක් පහළින් ගනුදෙනු අවසන් විය. එම දර්ශකය 1.6%කින් හෙවත් ඒකක 471කින් ඉහළ යමින්, පෙබරවාරි මාසයේ වාර්තා කළ ඉහළම අගයද ඉක්මවා ගියේය.
S&P 500 මිල දර්ශකයද නව වාර්තාවක් වාර්තා කරමින් 1.2%කින් ඉහළ ගොස් තිබේ.
Nasdaq 0.8%ක ඉහළ යෑමක් සමග ගනුදෙනු අවසන් කර තිබුණි.