කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් ප්‍රමාදය ගැන ප්‍රතිචාර දැක්වීමට ඉතාලිය ක්‍රියාත්මක වන බව අගමැති ගුසෙප් කොන්ටේ අවධාරණය කරයි.
ඉතාලිය වෙත ලැබීමට නියමිතව තිබූ ෆයිසර් එන්නත් ප්‍රමාද වීම සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගිවිසුම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවද අගමැතිවරයා කීවේය.
අගමැති කොන්ටේ කියා සිටියේ මෙම ප්‍රමාදයන් ඉතාලියට සහ අනෙකුත් රටවලට විශාල හානියක් සිදුකරන බවය.
කෙසේ වෙතත් ෆයිසර් සමාගම කියා තිබුණේ, එහි නිෂ්පාදනය වැඩි කරන ක්‍රියාකාරකම් නිසා යුරෝපයට සැපයුම් තාවකාලිකව මන්දගාමී වන බවය.
මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා කියා තිබුණේ, නිෂ්පාදන ගැටළු හේතුවෙන් සිය කොවිඩ්-19 එන්නත සැපයුම 60%කින් අඩු කරන බව යුරෝපා සංගමය දැනුවත් කළ බවය.
මේ තත්ත්වය තුළ ඉතාලියේ ඉහළ සෞඛ්‍ය කවුන්සිලයේ ප්‍රධානී ෆ්රැන්කෝ ලොකැටෙලි කියා සිටියේ සැපයුම් ගැටලු දිගටම පැවතුනහොත් ඉතාලියට එහි සම්පූර්ණ එන්නත් කිරීමේ වැඩසටහන නැවත සලකා බැලීමට සිදුවන බවත්, මූලික එන්නත් මාත්රාවන්ගෙන් තුනෙන් දෙකකට වඩා අඩු කිරීමට සිදුවන බවත්ය.