නවසීලන්තයේ රේගු ඒජන්සිය විසින් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කළ එහි සේවකයන් 9දෙනෙකු සේවයෙන් පහකළ බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
"මේ පුද්ගලයින්ට රැකියාවෙන් ඉවත්වී, ඔවුන්ට මෙය කොතරම් දුෂ්කර තත්ත්වයක් දැයි තේරුම් ගැනීමට සිදුවීම ගැන අපි කනගාටු වෙනවා." රේගු බලධාරීන් පැවසීය.
නවසීලන්තය සියලුම ඉදිරිපෙළ සෞඛ්‍ය වෘත්තිකයන් ඇතුළු දේශසීමා සහ නිරෝධායන මධ්‍යස්ථානවල සේවකයන්ට එන්නත් කිරීම අනිවාර්යය කර ඇති පසුබිමක මෙම සේවකයන් මෙම එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව එරට රේගුව වෙත ඇතුළු වීමට සේවකයන්ට එන්නත් ලබාගත් බවට සාක්ෂි අවශ්‍ය බව කියයි.
නවසීලන්තය මේ වනවිටත් ඉදිරිපෙළ රේගු සේවකයන් 95% කට වඩා වැඩි පිරිසකට කොවිඩ්-19 එන්නත ලබා දී ඇති අතර ඒජන්සිය පවසන පරිදි 85%කට මාත්‍රා දෙකක් ලැබී තිබේ.
සේවයෙන් පහ කරන ලද කාර්ය මණ්ඩල සාමාජිකයින් 9දෙනා නැවත සේවයේ යෙදවීමේ විකල්පයන් ඉතා සීමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. නවසීලන්තය කොවිඩ්-19 මර්දනය කිරීමේදී වඩාත් සාර්ථක රටක් බවට පත්ව ඇත්තේ මෙවැනි දැඩි ක්‍රියාමාර්ග යටතේ වසංගතය පාලනය කිරීමත්, බහුතර ජනතාවද ඒ වගකීම නොපිරිහෙළා ඉටුකිරීමත් නිසාය.