ආයෝජන කලාප තුළ පසුගිය සමයේ සිදුවූ කොවිඩ් ව්‍යාප්ත වීම හා සසදා බලන විට මේ වන විට විශාල අඩුවිමක් පෙන්නුම් කරන බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.
සියළුම ආයෝජන කලාප තුල කොවිඩ් 19 එන්නත්කරණය සාර්ථකව සිදු කරමින් පවතින බවත් ඊයේ (4) වන විට මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 60 කට වැඩි පිරිසකට එන්නත ලබා දීමට හැකි වූ බවද එම මණ්ඩලය සඳහන් කරයි.
මේ වන විටත් නැගෙනහිර පලාතේ ආයෝජන මණ්ඩලය යටතේ ඇති සියළුම ආයතනයන් හි සේවක පිරිස් සම්පූර්ණයෙන් එන්නත්කරණය කර අවසන් කර තිබේ. උතුරු පළාතේ එය සියයට 85 ක් පමණ වේ.
ඉදිරි දෙසතිය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සියළුම කර්මාන්ත ශාලා වල කාර්ය මණ්ඩලයට පළමු මාත්‍රාව ලබා දී අවසන් කරන බවත්, ලබන මස අවසානයට පෙර දෙවන මාත්‍රාව ලබා දී එන්නත් කරණය සම්පූර්ණ කරන බවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.