පිලිපීනය අග්නිදිග ආසියාවේ දරුණුතම කොවිඩ්-19 සම්ප්‍රේෂණයක් සමග සටන් කරමින් සිටින මොහොතේ, එරට එන්නත්කරණ ක්‍රියාවලිය තුළ ජනතා සහභාගීත්වය අඩු බැවින්, එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් සිරගත කරන බවට එරට ජනාධිපති රොඩ්රිගෝ ඩුටාර්ටේ තර්ජනාත්මක පණිවුඩයක් ලබාදෙයි.
"ඔබට (පිලිපීන ජනතාවට) තෝරා ගන්න දැන් අවස්ථාව තියෙනවා. එන්නතද? නැත්නම් හිර ගෙදරද?" මැනිලා අගනුවර එන්නත් මධ්‍යස්ථාන කිහිපයකම අඩු සහභාගීත්වයක් පවතින බව පෙන්වා දෙමින් ඩුටර්ටේ රූපවාහිනී දේශනයකදී කියා සිටියේය.
කෙසේ වෙතත් ඩුටර්ටේගේ මෙම ප්‍රකාශය ඔහුගේ සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රකාශයට පටහැනි වූ අතර, කොවිඩ්-19 එන්නත ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියද, එය ස්වෙච්ඡාවෙන් සිදුවිය යුතු බව සෞඛ්‍ය මාර්ගෝපදේශය විය.
"මාව වැරදියට තේරුම් ගන්න එපා..! මේ රටේ අර්බුදයක් පවතිනවා" ඩුටර්ටේ වැඩිදුරටත් පැවසීය. "පිලිපීන ජාතිකයන් රජයට අවනත නොවීම ගැන මා දැඩි කෝපයකින් මේ අවස්ථාවේ පසුවෙනවා."
ජුනි 20දා වනවිට පිලිපීන සෞඛ්‍ය අංශ විසින් මිලියන 2.1කට පමණක් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාදී ඇති අතර, මිලියන 110ක ජනතාවක් වෙසෙන රටක මේ වසරේ මිලියන 70ක් දක්වා ජනතාවට ප්‍රතිශක්තිකරණය ලබාදීමේ රජයේ ඉලක්කය තවමත් මන්දගාමී ප්‍රගතියක් ලබා ඇත.
වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් ඔහු දැරූ දැඩි ප්‍රවේශය විවේචනයට බඳුන් වුවද, ඩුටර්ටේ පාසල් නැවත විවෘත කිරීමටද ඉඩක් ලබා නොදුන්නේය.
පිලිපීනයේ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සම්බන්ධයෙන්ද ඩුටාර්ටේ ගනු ලැබුවේ මීටත් වඩා දරදඬු ප්රතිපත්තියකි. ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පවා කරුණු ගොනුවන විට ඩුටාර්ටේ කියා සිටියේ තමාට සුදු ජාතිකයන් ඉදිරියේ නඩු විභාගයන්ට පෙනී සිටීමට තරම් පිස්සුවක් නොමැති බවයි.