එක්සත් අරාබි එමීර් රාජ්‍යය අගෝස්තු 30දා සිට එන්නත් කරන ලද සංචාරකයන් සඳහා සංචාරක වීසා ලබාදීම නැවත ආරම්භ කරන බව එරට රාජ්‍ය පුවත් ඒජන්සිය පවසයි.
මෙම තීරණයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත කලින් ඇතුළුවීම තහනම් කර තිබූ රටවලින් පැමිණෙන පුද්ගලයන්ද ආවරණය කළ බව එම පුවත් ඒජන්සිය වාර්තා කරයි.
කෙසේ වෙතත් එන්නත් කළ අයට පවා රටට ඇතුළු වීමේදී කොවිඩ්-19 පරීක්ෂණයකට මුහුණදීමට සිදුවනු ඇති බවද වැඩිදුරටත් පවසයි.