සාර්ථක එන්නතක් බහුලව භාවිත කිරීමට පෙර කොවිඩ්-19 හි ගෝලීය මරණ සංඛ්‍යාව දැනට පවතින තත්ත්වය මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය හැකි අතර, වසංගතය මැඩපැවැත්වීම සඳහා සාමූහික ක්රියාමාර්ගයකින් තොරව එම සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.
"අප ඒ සියල්ල නොකරන්නේ නම් මිලියන දෙකක මරණ කියන්නේ, සිතාගත හැකි දෙයක් පමණක් නොව කනගාටුවට කරුණක්" යැයි එක්සත් ජාතීන්ගේ ඒජන්සියේ හදිසි අවස්ථා වැඩසටහනේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පැවසීය.
චීනයේ නව කොරෝනා වෛරසය අනාවරණය වී මාස නවයකට පමණ පසු තහවුරු වූ මරණ සංඛ්‍යාව මේ වනවිට 990,000 ඉක්මවා ඇති අතර, සමස්තයක් වශයෙන් ආසාදන මිලියන 32.7කට වඩා ලියාපදිංචි වී, මිලියන 22.5ක් පමණ සුවය ලබා ඇත.
"මරණ මිලියනයක් යනු භයානක සංඛ්‍යාවක් වන අතර, දෙවැනි මිලියනයක් සලකා බැලීමට පෙර අප ඒ ගැන මෙනෙහි කළ යුතුයි" රයන් වාර්තාකරුවන්ට පැවසුවේ මරණ සංඛ්‍යාව කොපමණ ඉහළ යා හැකිද යන්නය. "එම සංඛ්‍යාව මග හැරීම සඳහා අවශ්‍ය දේ කිරීමට අපි සාමූහිකව සූදානම්ද? අපි එම ක්‍රියාමාර්ග නොගන්නේ නම්… ඔව්, අපිට එම සංඛ්‍යාව දෙස බලා කනගාටුවෙන්න වේවි."