කොවිඩ් -19 වෛරසයට එරෙහිව ස්වීඩන ජාතිකයින්ට එන්නත් කිරීම ප්‍රමාද වුවහොත් එය ස්වීඩන ආර්ථිකයට විශාල පිරිවැයක් වනු ඇති බවට එරට මහ බැංකුව අනතුරු අඟවයි.
ස්වීඩන මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති සිසිලියා ස්කින්ස්ලි මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
ස්වීඩනයේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 278,912ක් වාර්තා වී ඇති අතර, එරට වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 7,067කි.