ගෝලීය වශයෙන් පරිපාලනය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්රාවන් 70%ක් පමණ ලොව ධනවත් රටවල් 50ක් වෙත පැමිණ ඇති පසුබිමක, ලොව දුගී රටවල් 50හි පරිපාලනය කර ඇත්තේ 0.1%ක් පමණ බව අන්තර්ජාතික රතු කුරුස සංවිධානය ඇතුළු සංවිධානය සිදුකළ විශ්ලේෂණයකින් අනාවරණය කරයි.
මෙම විෂමතාව භයානක යැයි විස්තර කළ එම අනාවරණය පෙන්වා දෙන්නේ, එය මාරාන්තික හා විනාශකාරී ප්රතිවිපාකවලට හේතු විය හැකි බවයි.
එම විශ්ලේෂනය අනතුරු අඟවන්නේ එන්නත් සැපයුමක් නොමැතිව ලොව පුරා විශාල ප්රදේශයක් පැවතුනහොත් වෛරසය සංසරණය හා විකෘති වීම දිගටම පවතිනු ඇති බවයි.
"මෙය භයානක වන්නේ එය අසාධාරණ නිසාත්, මෙම භයානක වසංගතය දිගු කාලයක් පැවතීමට හෝ නරක අතට හැරීමටත් ඉඩ ඇති නිසයි. අපි හැමෝම එකම බෝට්ටුවක ඔරු පදින පිරිසක්. සමහර රටවල වැඩි අවදානමක් ඇති අයට එන්නත නොදී, තවත් රටවල අඩු අවදානමක් ඇති අයට එන්නත දී ඒ වැඩි අවදානමක් ඇති පිරිස බිලි දෙන්නට පුළුවන්කමක් නැහැ." අන්තර්ජාතික රතු කුරුස සංවිධානය පවසයි.