කොවිඩ්-19 එන්නත් සඳහා පේටන්ට් අයිතිය අත්හැරීමට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් අනුමැතිය දුන් යෝජනාව නිසා එන්නත් අමුද්‍රව්‍ය සඳහා ලොවපුරා තරගයක් ඇතිවෙමින් කොවිඩ්-19 එන්නත්වල ආරක්ෂිත හා කාර්යක්ෂම නිෂ්පාදනයට තර්ජනයක් වන බවට ෆයිසර් ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා අනතුරු ඇඟවයි.
වසංගතයෙන් පීඩා විඳින අඩු ආදායම්ලාභී රටවලට එන්නත් බෙදාහැරීම පුළුල් කිරීම වෙනුවෙන් බුද්ධිමය දේපළ නීති සීමිත ලෙස අත්හැරීමට සහාය දෙන බව බයිඩන් පරිපාලනය බදාදා ප්‍රකාශ කළේය.
එක්සත් ජනපදයේ හදිසි භාවිතය සඳහා අනුමත කරන ලද එන්නත් තුනෙන් එකක් (ෆයිසර්-බයෝඑන්ටෙක්) නිෂ්පාදනය කරන බෝර්ලා, මෙම පේටන්ට් අයිතිය අතහැර දැමීමේ යෝජනාව තවත් ගැටලු ඇති කරනු ඇති බවට නිශ්චිතවම විශ්වාස කරන බව පැවසීය.
ෆයිසර් එන්නත සඳහා ලොව පුරා රටවල් 19කින් ලබාගත් විවිධ ද්‍රව්‍ය හා සංරචක 280ක් අවශ්‍ය බව බෝර්ලා පැවසීය. පේටන්ට් බලපත්‍රයක් නොමැතිව එන්නත් නිෂ්පාදනය කිරීමේදී ෆයිසර්ට වඩා අඩු පළපුරුද්දක් ඇති ආයතන එකම අමුද්‍රව්‍ය සඳහා තරග කිරීමට පටන් ගන්නා බවට ඔහු තර්ක කළේය.
"මේ වනවිට ඒ ඒ රටවල නිපදවන සෑම අමුද්‍රව්‍යයක්ම පාහේ අපගේ නිෂ්පාදන පහසුකම් වෙත වහාම නැව්ගත කරනු ලබන අතර, ඒවා පසුව වහාම සහ විශ්වසනීයව ලොව පුරා බෙදාහරින එන්නත් බවට පරිවර්තනය කරනු ලබනවා" බෝර්ලා පැවසීය.
මෙම යෝජිත පේටන්ට් අයිතිය අත්හැරීම තුළින් අමුද්‍රව්‍ය ගලා ඒමට බාධා ඇති කරනු ඇති බවට ඔහු අනාවැකි පළ කළේය.