ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත සහ අඛණ්ඩ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සමග කොවිඩ්-19 වසංගතය අවසන් කිරීමේ හැකියාව ඇති බව තමා විශ්වාස කරන්නේ යැයි එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
"දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසංගතය අවසන් කිරීම සඳහා මේ එන්නත ඉතා වැදගත් මෙවලමක්" යැයි ෆවුසි සඳහන් කළේය.
මෙම එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කරන්නේ නම්, එලැඹෙන දෙසැම්බර් මාසය වනවිට ඉහළම ප්‍රමුඛතාවක් ඇති පුද්ගලයින් සඳහා මාත්‍රාවන් ලබාගත හැකි බව තමා විශ්වාස කරන බවද ෆවුසි පැවසීය.
එසේම ඉතාම සාධාරණ කාල සීමාවකට පසුව ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත අවශ්‍ය සියල්ලන්ටම ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
"මෙවැනි විභවයක් ඇති එන්නතක් සමග අප දැනටමත් අනුගමනය කරන ලෙස ජනතාවට පවසන මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන ගියොත්, අප මුහුණදී සිටින මේ දුෂ්කර තත්ත්වයෙන් අපට නැගී සිටීමට පුළුවන්." ඒ සඳහා නිවැරදි තීරණයක් ගැනීමට ෆයිසර්-බයෝ එන්ටෙක් සහ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඔහු පැවසීය.
ඒ වගේම මම ඔබට පොරොන්දු වෙනවා. මමත් මේ එන්නත ලැබුණු විගස එය ලබාගන්නවා. මගේ පවුලේ අයටත් එන්නත ලබා ගන්නා ලෙස මා නිර්දේශ කරනවා" වෛද්‍ය ෆවුසි තවදුරටත් පැවසීය.