ජෝර්ජියානු සෞඛ්‍ය ඇමතිනී එක්තරින් ටිකරාඩ්සේ කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් සිදුකර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය ටිකරාඩ්සේ නිවසේ ස්වයං හුදකලාව සිටින අතර, ඇය මේ වනවිට දුරස්ථව සිය රාජකාරීන් සිදුකරන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් පසුගිය මාර්තු 23 වැනි දින ජෝර්ජියානු රූපවාහිනියේ සජීව විකාශයක්ද ලබාදෙමින්, අමාත්‍ය ටිකරාඩ්සේ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත විද ගන්නා ආකාරය දැකගත හැකිවිය.
සාමාන්‍යයෙන් කොවිඩ්-19 මර්දන එන්නතක් විදගත් පමණින් සම්පූර්ණයෙන්ම 100%ක් වෛරසය ආසාදනය වීමෙන් වැළැක්වෙන බවට සහතිකයක් දීමට වඩා, වෛරසය ආසාදනයෙන් ඇතිවිය හැකි රෝගාතුරවීම් සහ අසාධ්‍ය තත්ත්වයට පත්වීම අවම කිරීම බොහෝ එන්නත්වලින් සහතික කර තිබේ.