රජයේ එන්නත්කරණ වැඩසටහන තවත් කාර්යක්ෂම කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ රථ යෙදවීමට හෙට(12) සිට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කණ්ඩායම් සහිත ජංගම එන්නත්කරණ රථ 10ක් යෙදවීමට නියමිත බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.