ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වත්මන් එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිමේ අපේක්ෂාව ඉටු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.
නිවේදනවක් නිකුත් කරමින් එම සංගමයේ පවසන්නේ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිමට නම් අවම වශයෙන් රටක ජනගහනයෙන් 70%කට වඩා වැඩි පිිරිසකට එන්නත් කළ යුතු බවට ලොක් සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති බවයි.
එහෙත් වයස අවු 30ට වැඩි සියලු දෙනා එන්නත් කිරිම ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය මුලික අරමුණ වි ඇති අතර ශ්‍රී ලංකාවේ වයස අවු 30ට වැඩි ජනහගනය ප්‍රතිශතයක් ලෙස ගත් කළ රටේ ජනගහනයෙන් 51.6%ක් පමණක් වන බව එම සංගමය පවසයි.
එය සපුරා ගැනිමට දිර්ඝ කාලයක් ගත වනු ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.