එක්දිනක් තුළ ශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් එන්නත් සංඛ්‍යාවක් ඊයේ (12දා) ජනතාව වෙත ලබාදී තිබේ.
ඊයේ දිනයේදී ලබාදි ඇති එන්නත් සංඛ්‍යාව 136677කි. මෙහිදි කොවිෂීල්ඩ් එන්නත් 181, සිනෝෆාම් පළමු මාත්‍රාව 59881ක්, දෙවැනි මාත්‍රාව 76615ක් ලෙස ලබදී තිබේ.
ඊයේ දිනය අවසන් වන විට කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව 925242කට, දෙවැනි මාත්‍රාව 355358කට, සිනෝෆාම් පළමු මාත්‍රාව 1 269 157කට, දෙවැනි මාත්‍රාව 154 640කට හා ස්පුටිනික් වී පළමු මාත්‍රාව 64986කට ලබාදී තිබේ.