මඩොල්සිම කොකාගල වතුයායේ පාරක් අයිනේ තිබූ එඩේරු ගසකින් ගෙඩි ආහාරයට ගත් කුඩා ළමුන් පිරිසකගෙන් හත්දෙනෙකු ඊයේ (06දා) මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත්කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතයි මඩොල්සිම පොලීසිය කියයි.
මඩොල්සිම කොකාගල වතුයායේ ලැයිමේ පදිංචි වයස අවුරුදු දහයක ළමුන් දෙදෙනෙකු, වයස අවුරුදු හතක ළමුන් දෙනෙනෙකු සහ වයස අවුරුදු පහ සහ හය වයසේ පසුවන ළමුන් තිදෙනෙකු මෙසේ රෝගී තත්වයෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
එඩේරු ගෙඩි ආහාරයට ගැනීමෙන් පසු වමනය කලන්තය ඇතිව රෝගාතුර වීමෙන් අනතුරුව ඔවුන් රෝහල්ගත කර ඇත. කෙසේ වෙතත් ළමුන්ගේ තත්ත්වය බරපතල නොමැති බව පොලීසිය පවසයි.
ලුණුගල ප්රසන්න පද්මසිරි