එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19දා) පස්වරැවේදී රැස්වීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ කණ්ඩායම ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා සහ ඒ වෙනුවෙන් ගොඩනගන සන්ධානය සම්බන්ධයෙන් අද දිනයේදී විශේෂයෙන් සාකඡා කිරීමට නියමිතව ඇත.
එමෙන්ම ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරීමණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කරන දිනය, අද(19දා) පැවැත්වෙන එක්සත් ජාතිකපෙරමුණු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇතැයි'අද' පුවත්පතට වාර්තාවේ.
එක්සත් ජාතිකපක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකම දිනයක රැස්කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් බහුතරයක් අත්සන් කළ ලිපියක් පසුගියදා පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදීතිබිණි.
ඒ අනුව එක්සත් ජාතිකපක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කරන දිනය කවදාද යන්න පිළිබඳ අගමැතිවරයාගෙන් අද දිනයේදී විමසීමට මෙම පිරිස තීරණයකර ඇති බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් %අද^ පුවත්පතට පැවසීය.
එක්සත් ජාතික පෙරමුණුපාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද සවස රැස්වීමටනියමිතව ඇති අතර, එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අද රාත්රියේදී අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවසේදීඑක්සත් ජාතික පක්ෂ නියෝජ්‍යනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට සැලසුම්කර ඇත.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය පසුපසට නොගන්නා ලෙසත්, ඒවෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ බහුතරය ඔහු සමග සිටින බව ඔවුන් මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයිද පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගනිමින් අනෙකුත් පක්ෂඑක්වෙමින් පිහිටුවීමට නියමිත ප්‍රජාතන්ත්‍රවදී ජාතික පෙරමුණ සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී පැවැති සාකච්ඡාවන් එකඟතාවයකින් තොරවඅවසන් වී ඇත. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන්ට නැවත රැස්වන දිනයක්ද මේ වනතුරු තීරණය කරනොමැත.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සකස් කර අවසන් කිරීම,නව සන්ධානයට අත්සන් කරන දිනය තීන්දු කිරීම,ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම යන කරුණු සම්බන්ධව මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමුවී තිබිණි.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණ රැසක් ගැනීමට අදහස් කරගෙන සිටිය ද මූලික කරුණු කිහිපයක් ගැන පැවති පරස්පරතාව හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණිමට නොහැකි වූ බව ප්රජාතන්ත්රවාදs ජනතා පෙරමුණේ නායක ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්ර්රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡා පැවැත්විණි.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමින් පිහිටුවන නව සන්ධානයේ මහ ලේකම්ධුරය, මූලස්ථානය ලිපිනය සහ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකිවිම හේතුවෙන් මෙම සාකච්ඡාව අසාර්ථක විනැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉහත කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කර ගනු ලබන අවසන් තීන්දුව ලබන සතිය තුළ සන්ධාන නායකත්ව මණ්ඩලයට දැනුම් දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයට සැළ කළ බවත් ඔහු කීවේය.
ඒ යෝජනා සම්බන්ධයෙන් අවසන් එකඟතාවය සන්ධාන නායකත්ව මණ්ඩලය විසින් ගනු ලබන බව පැවසූ මනෝ ගනේෂන් මහතා යෝජනා සම්බන්ධයෙන් නායකත්ව මණ්ඩලයේ කිසිවකුගේ හෝ විරෝධය ඇත්නම් එය නැවතත් එක්සත් ජාතික පක්ෂයට දැනුම් දීමට කටයුතු කරන බවත් පැවසීය
මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම්,මහලේකම් අකිල විරාජ් කාරියවසම්,ජාතික සංවිධායක නවින් දිසානායක, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප සභාපති රවි කරුණානායක, අමාත්‍යවරුන් වන මංගල සමරවීර,පාඨලී චම්පික,රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් යන මහත්වරුන් සහභාගි වී ඇත.
එමෙන්ම සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ 73 වැනි සංවත්සර මහා සම්මේලනයට පෙර අපේක්ෂකයා නම් කිරීම හා සන්ධානයට ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරගෙන යන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් පැවසීය.
එක්සත් ජාතිකපක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයසහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක්ව ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන බව මේ සම්බන්ධයෙන් විමසීමේදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ අනෙකුත් පක්ෂ එකතුවී ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් නිර්මාණය කිරීමට නියමිතප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ඉතා ඉක්මනින් නිර්මාණය කරන බවත්, ජනාපති අපේක්ෂකයා තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව තීරණය කරන බවත් ඒ මහතාසඳහන් කළේය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව නිර්මාණය කරන මෙම පක්ෂය සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාලපිරිසක් එක්වීමටද නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියසම් අමාත්‍යරවයා,
"අපේක්ෂකයා තෝරන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකතුවයි. විවිධ අදහස් තිබෙනවානමුත් අවශ්‍ය දේ මේ කණ්ඩායම් දෙකේම එකඟතාවට මත කරනවා.
අපි නිර්මාණය කරන මේ සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් එකතුවෙන්න ඉන්නවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් සහ පෙහොට්ටුවේ දේශපාලනඥයෝ මේ සන්ධානයට සහාය දෙන්න එකඟවෙලා තිබෙනවා.
ඒනිසයි අපි මේ සන්ධානය හදන්න තීරණය කළේ. අපට ජයග්‍රහණය කරන්න පුළුවන් ඒක අපට විශ්වාසයයි. මේ නිසා අපට විරුද්ධව ඉදිරිපත්වන අපේක්ෂකයෝ කවුරුවත් අපට අභියෝගයක් නෙවෙයි.
ජනාධිපති අපේක්ෂකයා වෙන්නේඑක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්. කොහොම වුණත් අවසන් තීන්දුවගන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම. ඊළඟ ආණ්ඩුව හදන්නේ අපි" යනුවෙන් පවසා සිටියේය.
චාමර සම්පත් / අමිත් මදුරංග