මාතර වැලිගම ප්‍රදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ති්රවරියකට ඊයේ (10) ගම්වාසින් විසින් පහරදිමක් සිදුකර ඇති බව වැලිගම පොලීසිය පවසයි.
මෙසේ පහරකැමට ලක්ව ඇත්තේ මිරිස්ස කොට්ඨාසය නියෝජනය කරමින් මෙවර ප්‍රාදේශිය සභාවට පත්වුණු වත්සලා දමයන්ති මහත්මියයි.
බවුසරයක් මගින් ජලය බෙදිමේ කටයුතුවල නිරතවි සිටින අතරවාරයේ මාතර මිරිස්ස ප්‍රදේශයේදි මෙම ප්‍රහාරය එල්ල වි ඇති අතර මන්ති‍්‍රවරිය ප්‍රතිකාර සඳහා වැලිගම දිසා රෝහල වෙත ඇතුලත්ව සිටියි.
මෙහිදි අදහස් පලකල මන්ති‍්‍රවරිය ,
අද ඉතාම ඛෙදනිය සිදුවිමකට මුහුණ දුන්නා. ඒ තමයි මේ දවස්වල තියෙන නියගයත් එක්ක රට පුරාම ව්‍යසනයක් වෙලා තියෙනවා. මම නියෝජනය කරන මිරිස්ස කොට්ඨාසයේ විශාල ජල හිගයක් තියෙනවා. ජල සම්පාදනය හරහා වතුර ටැංකි වලට වතුර ලැබුණත් එය ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ නිසා වැලිගම ප්‍රාදේශිය සභාවේ බවුසරයක් මගින් මම ජලය බෙදා දුන්නා. ඒ අතරවාරයේ බවුසරය අතුරු මාර්ගයේ අයිනෙන් නතර කරලා තිබුණේ වාහනයකට යන්න ඉඩ තිබුනා.
නමුත් එතනින් ගිය ති‍්‍රරෝද රථයක් බවුසරයේ දෙපැත්තෙන් තියෙන කොක්ක වැදුනා කියලා ඒ ති‍්‍රරෝද රථයේ රියදුරා බවුසරයට ප්‍රහාරයක් එල්ලා කළා. මම එතනට ඇවිත් කිවුවා මේක කරන්න එපා මේක රජයේ දේපලක් ඕනි නම් පොලිසි ගිහින් හිරේ වුණත් දාන්න පුළුවන් කියලා මම කිවුවා අපි අතර බහින් බස්විමක් සිදු වුණා යැයි පැවසිය.
ඊට පස්සේ ඒ ත්‍රිරෝද රථයේ රියදුරාගේ මව ඇතුළු පිරිසක් එතනට ඇවිත් මාත් සමග වාදයට පැටළුනා. ඒ අය පුතා වරදක් කලා කියලා පිළිගන්න කැමති වුනේ නැහැ. නොසිතු වෙලාවක ති‍්‍රරෝද රථයේ රියදුරාගේ මව මගේ හිසට මුනට සහ බඩට පහර දුන්නා මම එතනම ඇඳගෙන වැටුණා යැයි ඇය වැඩිදුරටත් පැවසීය.