එක්සත් ජාතික පෙරමුණට සම්බන්ද පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පවත්වා තිබේ. අද පෙරවරුවේ පැවැති මෙම රැස්වීමට එම පෙරමුණට සම්බන්ධ සියලුම පක්ෂ නායකයන් සම්බන්ධ වී තිබේ.
මෙහිදී පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට සාමාජිකයන් නම් කිරීම හා ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදි ගන්නා ක්රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා වී තිබේ.
එසේම ඉදිරි මැතිවරණ සඳහා පුළුල් පෙරමුණක් යටතේ තරග කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.