එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීය සංවිධානය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කර ගනිමින් උපායශීලීව පක්ෂය තරුණ නායකත්වයකට පැවැරීමේ බැරෑරුම් අභියෝගයට නායකත්වය දෙන ලෙස කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බවයි.
පක්ෂයේ නායකත්වය තරුණ නායකයෙකු ඇතට පත්කළ යුතු බවට කර ඇති මාධ්‍ය ප්‍රකාශය අවස්ථානුකූල නොවන අතර එය කළ යුතුව තිබුණේ මීට වසර කිහිපයකට පෙර බවද ඔවුන් සඳහන් කරයි.
එසේම නායකත්වය අවස්ථානුකූලව තම අනුප්‍රාප්තිකයාට පවරා දීමට වත්මන් නායකත්වය පැහැදිලිව අපොහොසත්වී ඇති බවත් එය සැබෑ නායකයෙකු සතු ප්‍රධාන වගකීමක් බවත් ඔවුන් සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.