එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙ ඊයේ (25දා) පැවැති රැස්වීමේ දී කරු ජයසූරිය මහතා පිළිබදව පදනම් විරහිත හා හාස්‍යජනක ප්‍රකාශ දෙකක් සිදුකොට ඇතැයි කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු නොවන හිටපු කථානායකවරයාව පක්ෂ නායකත්වයට පත්කිරීමෙහි ලා නීතිමය බාධාවක් පවතින බවට එහිදී සඳහන් කර ඇතැත් පක්ෂ ව්‍යවස්ථාව අනුව හා සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම්, එයට කිසිදු ආකාරයක නීතිමය බාධාවක් නොමැති බව නීතී විශාරදයින්ගේ මතය බවද මාධ්‍ය අංශය සඳහන් කරයි.
එසේම කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවට එම රැස්වීමේදී සඳහන් කර ඇතැත් එයද පක්ෂ සාමාජිකත්ව ව්‍යුහය පිළිබදව හෝ අවබෝධයකින් තොරව කරන ලද පදනම් විරහිත හාස්‍යජනක ප්‍රකාශයක් බවත් මාධ්‍ය අංශය පවසයි.
මින් වසර 20 කට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කරු ජයසුරිය මහතා එක්ව ආරම්භ කළ 1000 M යාවජීව පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති කරු ජයසුරිය මහතාගේ පක්ෂ සාමාජිකත්වය අඛණ්ඩව බලපැවැත්වෙන බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධරයට සමු දුන් වහාම නැවත 2020 අගෝස්තු 21 වන දින පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය පිණිස වාර්ෂික පක්ෂ සාමාජිකත්වය සදහා ද අයදුම් කළ ඒ මහතා මේ වන විට 2020 වර්ෂය සදහා පක්ෂ සාමාජිකත්වයද ලබා ගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.