එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය ජනපති අපේක්ෂකයා පිළිබඳව දැනුවත් වී සිටින බවත් ජූලි මස 01 දා සිට එක්සත් ජාතික පක්ෂය යළි පිබිදිමක් තුළින් ගමන් ආරම්භ කරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
“එ.ජා.ප. පක්ෂ අභ්‍යන්තරය මේ වනවිට ජනාධිපති අපේක්ෂයා පිළිබදව දැනුවත්වී සිටිනවා. නමුත් බාහිර පුද්ගලයින් පතුරවන කතාවල කිසිදු සත්‍යතාවක් නැහැ. පක්ෂයක් වශයෙන් තවත් මාස 02ක් 03ක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයා පිළිබදව ජනතාවට හෙළි කරනවා.
දේශපාලන පක්ෂයක් නිරන්තරයෙන් ක්‍රියාකාරී වියයුතුයි. ජූලි මාසේ 01 දා සිට පක්ෂයක් හැටියට කරගෙන ආ වැඩපිළිවෙල, පාක්ෂිකයන් නැවත අවදිකිරීමක් තුළින් ඉදිරියට ගෙනයාම ආරම්භ කරනවා.”
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ වව්නියාව ග්‍රිඩ් විදුලි උපපොළ වර්තමාන තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පැවති නිරීක්ෂණ චාරිකාවක් අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමිනි.