මෙවර මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත් , එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි ජන බලවේගය අන්ත පරාජයක් ලබන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියාසිටියේ ඊයේ (24) දින නාවලපිටිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක කටයුත්තකට සහභාගි වෙමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහින්දානන්දු අලුත්ගමගේ මහතා ,
මෙවර මහ මැතිවරණය ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි එකක් කියලා මම හිතනවා. පක්ෂයක් වැඩිම ජන්ද ප්‍රමාණයකින් දිනන මැතිවරණයක් තමයි මේක.
රටේ මතයක් තියෙනවා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගෙනියන වැඩපිළිවෙලට දේශපාලන භේදයකින් තොරව සහයෝගය දෙන්න ඕනි කියලා. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් දැන් ජනාධිපතුමාට සහයෝගය පල කරනවා.
එක්සත් ජාතික පක්ෂය බෙදිලා , රනිල් වෙනම ඉල්ලනවා , සජිත් වෙනම ඉල්ලනවා පාක්ෂිකයා කල කිරිලා ඉන්නේ. අවු 5ක් එක්සත් ජාතික පක්ෂ රජයක් තිබුණා හැබැයි කරපු දෙයක් නැ . එක්සත් ජාතික පාක්ෂිකයන්ට කිසිදු දෙයක් කරලා නැ.
සජිත් ප්‍රේමදාස නායකත්වයට තියෙන කැදර කමට පක්ෂය ඇතුලේ ගැටුම් ඇති කලා . එක්සත් ජාතික පක්ෂය කඩලා වෙනම පක්ෂයක් හැදුවා. සජිත්ට තිබුණා එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ඉදලම තරග කරන්න . පාක්ෂිකයා රැකගන්න. එක්සත් ජාතික පක්ෂිකයන්ට පක්ෂය එපා කලේ සජිත් ප්‍රේමදාස කියලා කියන්න ඕනි.
දැන් පාක්ෂිකයන්ට ජන්දය ලබා දෙන්න රනිල් නැ . සජිත් නැ . අලියා නැ . දුරකථනය නැ. අද පාක්ෂිකයට ජන්දය ලබාදෙන්න තියෙන එකම තැන පොහොට්ටුවට.
ජනාධිපතිවරණයේදි සජිත් සමග සිටි දමිල ජනතාව , මුස්ලිම් ජනතාව අද වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකතු වෙලා ඉන්නවා. මෙවර මැතිවරණයෙන් පොහොට්ටුව ආසන 150 ක් පමණ ලබා ගන්නවා.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ලබන අන්තම පරාජය මෙවර මහ මැතිවරණයයි යනුවෙන් පැවසිය.