පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්රමයට පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව ප්රතික්ෂේප කරමින් ඊට විරුද්ධව ඡන්දය ප්රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම ඊයේ (23දා) ඒකමතිකව තීරණය කළේය.
අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම මෙම තීරණය ගෙන තිබේ.
මේ පිළිබඳ විවාදය අද (24දා) දින පැවැත්වෙන අතර, ඡන්ද විමසීම සවස 6.00ට පැවැත්වෙනු ඇත.
මෙම තීරණය හේතුවෙන් තුනෙන් දෙකක ඡන්ද නොලැබී සීමානිර්ණ වාර්තාව ප්රතික්ෂේප වනු ඇතැයි අපේක්ෂිතය.
මෙම පසුබිම යටතේ නව පළාත් සභා ඡන්ද විමසීම් පනත යටතේ නව පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්රමය යටතේ පැවැත්වීමට නොහැකි වනු ඇත.