එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙකත් රජය සමඟ එක්ව ජාතික ආණ්ඩු නොහදන බවත්, නමුත් කොරෝනා මර්දන කටයුතු සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (29දා) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.
කවර බාධක අභියෝග මැද වුව ද රට ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවට වූ යථාර්ථය රට හමුවේ තැබිය යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.
2015 පත්වූ පාර්ලිමේන්තුව නියෝජිනය කළ සියලුම පක්ෂ හා මන්ත්‍රීවරුන් එක්ව මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණය ගත යුතු බවත්, එහි වගකීම මැතිවරණ කොමිසමට පවරා, රජය කොරෝනා මර්දනය කිරීමේ වගකීම භාරගත යුතු බවත් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.