“අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළ වේලාවේ ආණ්ඩුවට තිබුණේ ජන්ද 102යි. ඉන් ටී.එන්.ඒ ඉවත් කළාම එ.ජා.ප යට ජන්ද 88 තියෙන්නේ.එහෙනම් ජන්ද 88 තියෙන එ.ජා.පයද ජන්ද 103 තියෙන හින්දා රාජපක්ෂටද ආණ්ඩුව භාර දිය යුත්තේ යැයි පවසමින් රටේ සහ නීති ක්ෂේත්රයේ කතාබහක් මතුව ඇතැයි “පා.ම බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ලක්ෂ 20 ක් වැය කරමින් නවිකරණය කරන ලද මත්තේගොඩ ප්රධාන ක්රීඩාගාරය හා අළුතින් ඉදි කළ ක්රිකට් පුහුණු දැල් ආවරණ තනි තීරුව ක්රීඩා සමාජ වලට පැවරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
මන්ත්රීවරු 12 දෙනෙකු අයවැයට ජන්ද දෙන්න ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට යමින් එ.ජාපය ඇතුළේ තවත් යුද්ධයක් හටගෙන ඇති බවත්ය.
ශාන්ත කුලරත්න - මත්තේගොඩ