එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් ප්‍රියන්ත මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ. ඒ අනුව සංස්කෘතික හා අභ්‍යන්තර කටයුතු, ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.